අරගලයෙන් පසු සිදුකළ ස්ථාන මාරු සම්බන්ධයෙන් පොලිස්පතිගෙන් අධිකරණයට පොරොන්දුවක්

මහජන අරගලයෙන් පසුව ස්ථාන මාරු ලබා දුන් පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනෙකුට ඔවුන් පෙර සිටි පොලිස් ස්ථානවලට සමාන්තර පොලිස් ස්ථාන ලබාදීමට කටයුතු කරන බව පොලිස්පතිවරයා (05) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

අදාළ පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද්ගලිකවම අධිකරණයේ පෙනී සිට තිබෙනවා.

එහිදී පොලිස්පතිවරයා විසින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මාර්ගයෙන් අධිකරණයට මේ බව දැනුම්දී ඇති බවයි වාර්තා වෙන්නේ.