අපි තාම ඉන්නේ ඒදණ්ඩ උඩ – ජනපති

මේ දක්වා ගන්නට සිදු වූ අසීරු තීරණවල ප්‍රතිඵල දෙස බැලූවිට විශ්වාසයෙන් ඉදිරියට යා හැකි තත්ත්වයක් පෙනෙන්නට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

2022 වර්ෂය හා සැසඳූ විට ආණ්ඩුවේ ආදායම 50% කට වඩා වැඩි වී ඇති අතර සමාජ සුබසාධනය වෙනුවෙන් දරන වියදම තුන් ගුණයකින් වැඩි කර ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

කෙසේනමුත් අප තවම ඉන්නේ ඒදණ්ඩ උඩ බවද, ඉන් වැටෙනවාද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.