සෞඛ්‍ය වර්ජනය අවසන් කෙරේ

සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය සති 03කට අත්හිටුවීමට (02) තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිපියක් ලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ.

ඒ අනුව වෛද්‍යවරුන්ට ලබාදුන් දීමනාවට සමාන්තර දීමනාවක් තමන්ටද ලැබෙන බවත්, මැයි මාසයේ වැටුපට ඉන් 50%ක් එකතු වීමට නියමිත බවයි ඔහු වැඩිදුටත් සඳහන් කළේ.