බී ළුෑණුවලින් ආනයනකරුවන් කෝටි 8,000ක අයුතු ලාභයක් උපයා ඇති බවට අනාවරණයක්

2023 වසරේ දී මෙරටට බී ළුෑණු ආනයනය කළ ව්‍යාපාරිකයින් රුපියල් කෝටි 8,000ක පමණ අයථා ලාභයක් උපයාගෙන ඇති බවට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණ​ය වූ බව එහි සභාපති පාඨලී චම්පික රණවක පවසනවා.

ඒ අනුව 2023 වසරේ රු.92 ට ගෙන්වන ලද බී ළුෑණු කිලෝවක් ඔරුගොඩවත්තේදී රු.365කට අලෙවි කොට ඇති බවත්, ඒවා පාරිභෝගිකයා අතට පත්වන විට කිලෝවක මිල රු.700කට ආසන්න වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

අර්තාපල් කිලෝවක් රු.110කට ගෙන්වා ඇතත් ඒවා අලෙවි කොට ඇත්තේ රු.840කට බවත්, ඒ භාණ්ඩ ආනයනය කළ ව්‍යාපාරිකයන් කිහිපදෙනා දළ වශයෙන් ලබා ඇති ආදායම කෝටි 8,000ක් බවද, ඒ අයථා ලාභ ලැබූ අයට බදු අය නොකොට ඇති බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.