පිළිකා රෝගය වැලඳීමෙන් පසු පළමුවරට චාල්ස් රජු පාස්කු ඉරිදා ජනතාව හමුවේ

පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගි වෙමින් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු පළමුවරට පිළිකා රෝගයට ගොදුරු වීමෙන් පසු ජනතාව හමුවට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වින්ඩ්සර් මාළිගාවේ සාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැති පාස්කු ඉරිදා දේව මෙහෙයට චාල්ස් රජු සමඟ කැමිලා රැජන ද සහභාගි වූ බවත්, චාල්ස් රජු දේව මෙහෙයට පැමිණ සිටි ජනතාව සමඟ සුපුරුදු ලෙස සිනහ මුහුණින් යුතුව කතාබහ කළ බවත් බීබීසී පුවත් සේවය වාර්තා කළේය.
පිළිකා රෝගය වැලඳුණු චාල්ස් රජුගේ ලේලිය වන කේට් කුමරිය මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බැවින් ඇය සහ විලියම් කුමරු දේව මෙහෙයට සහභාගි නොවූ බවත් වාර්තා වේ.