ඉන්දියාව සහ සිංගප්පූරුව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් ඉන්දීය විදේශ ඇමැති එස්.ජයිශංකර් පසුගියදා සිංප්පූරුවේ සංචාරයක නිරත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. සිංගප්පූරු විදේශ ඇමැති විවියන් බාලක්‍රිෂ්ණන් සමඟ ඉන්දු පැසිෆික් සහ බටහිර ආසියා ක්‍රියාකාරකම් සම්බන්ධව ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
කලාපයේ ආරක්ෂක කටයුතු සම්බන්ධව ඉන්දීය විදේශ ඇමැතිවරයා සහ සිංගප්පූරුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වන ජාතික ආරක්ෂාව පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු බාර ටෝ චී හීන් අතර සාකච්ඡා පවත්වා ඇතැයි ද වාර්තා වේ. මීට අමතරව වෙළෙඳ, අභ්‍යවකාශ, හරිත බලශක්තිය, සැපයුම් පද්ධතිය සහ ආරක්ෂාව සම්බන්ධව සිංගප්පූරුවේ තවත් ඇමැතිවරු රැසක් සමඟ ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා සාකච්ඡා පවත්වා ඇතැයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.