අස්වැසුම වැඩවලින් ඉවත්වීමේ ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව

අස්වැසුම සුබසාධන ක්‍රියාවලියෙන් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසනවා.

ඔවුන් පසුගිය 15 වැනිදා සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි වාර්තා වෙන්නේ.

අස්වැසුම ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් සඳහා නිසි විසඳුම් නොලැබීමට විරෝධය පලකරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බව එහි සභාපති නන්දන රණසිංහ සඳහන් කළා.