සිරියාවේ කාර් බෝම්බයක් පිපිරී 7ක් මරුට

සිරියාවේ ජනාකීර්ණ වෙළෙඳපොළක කාර් බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයන් 7 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු ඇලෙප්පෝ පළාතේ අසාස් නුවර මේ බෝම්බ පිපිරීම සිදු වී ඇති අතර, ඉන් පුද්ගලයන් 30 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ. බෝම්බය පිපිරී ගොස් ඇත්තේ පස්වරුවේ උපවාසය නිමා කිරීමට පෙර අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ජනතාව වෙළෙඳපොළට එක්රොක් වූ අවස්ථාවේදී බව ද වැඩිදුරටත් වාර්තා වේ. සිරියාවේ ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇත්තේ මිය ගිය අය අතර දරුවන් ද සිටින බවය. බෝම්බ පිපිරීමේ වගකීම මෙතෙක් කිසිවකු බාර ගෙන නැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.