සාමය ඇති­වන්නේ අවි­ආ­යු­ධ­ව­ලින් නොවෙයි ගාසා – යුක්රේන යුද්ධය අව­සන් කර­න්නැයි පාස්කු ඉරිදා දේව­ මෙ­හෙ­යේදී පාප් වහන්සේ ඉල්ලයි

වති­කා­නුවේ සාන්ත පීතර චතු­ර­ස්‍ර­යේදී පාස්කු ඉරිදා දේව මෙහෙය සඳහා සහ­භාගි වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගාසා තීරයේ සහ යුක්රේ­නයේ යුද්ධය අව­සන් කරන ලෙස දැඩි ඉල්ලී­මක් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සාමය ඇති­වන්නේ අවි­ආ­යු­ධ­ව­ලින් නොවන කී පාප් වහන්සේ ඊශ්‍රා­ය­ලය සහ හමාස් සංවි­ධා­නය අතර වහාම සටන් විරා­ම­යක් ප්‍රකා­ශ­යට පත් කර ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කිරී­මට කට­යුතු කරන ලෙස සිය පාස්කු ඉරිදා පණි­වි­ඩ­යෙන් සියලු රාජ්‍ය නාය­ක­ය­න්ගෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.

ලොව පුරා කතෝ­ලික බැති­ම­තුන් බිලි­යන 1.4ක ජන­තාව පාස්කු ඉරි­දාව සම­ර­මින් රට­වල් රැසක දේව මෙහෙ­යට එක් වෙද්දී වති­කා­නුවේ ප්‍රධාන දේව මෙහෙ­යට දස­ද­හස් සංඛ්‍යාත බැති­ම­තුන් පිරි­සක් සහ­භාගි වූ බව ද වාර්තා වේ. කතෝ­ලික දින දර්ශ­නයේ වැද­ගත්ම උත්ස­ව­යක් වන පාස්කු උත්ස­වයේ ඉරිදා දේව මෙහෙය ලොව පුරා රට­වල උත්ස­ව­ශ්‍රී­යෙන් පැවැති බවද වාර්තා වේ.