සංචා­ර­ක­යන්ගේ පැමි­ණීම ගැන මාලිමා නාය­කයා කැන­ඩා­වේදී බොරු කියලා

මෙරට සංචා­රය කරන සුදු ජාති­ක­යින් ගෙන් 33 % ක් යළි මෙරට සංචා­රය සඳහා පැමි­ණෙද්දී මාලි­මාවේ නාය­කයා එය 3 % ක් ලෙස සඳ­හන් කර­මින් කැන­ඩාවේ දී සාවද්‍ය ප්‍රකා­ශ­යක් කළේ යැයි සංචා­රක, ඉඩම් හා ක්‍රීඩා හා යෞවන කට­යුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පව­සයි. 

යමක් පිළි­බඳ කරුණු හරි­හැටි නොදන්නේ නම් ඒ සම්බ­න්ධ­යෙන් සාවද්‍ය මත පළ නොකර අද­හස් නොදක්වා සිටීම වැද­ගත් යැයි ද ඒ මහතා කීය.  මහ­නු­වර දී මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් ඇමැ­ති­ව­රයා මේ බව පැව­සු­වේය.  මෙරට සංචා­රය කළ බ්‍රිතාන්‍ය, ජර්මන් හා ප්‍රංශ ජාති­ක­යින් යළි මෙරට සංචා­රය සඳහා කිහිප වතා­වක්ම පැමි­ණෙන බව පර්යේ­ෂණ මඟින් තහ­වු­රුව තිබෙන බවත් ඔවුන් නැවත නැවත ගෙන්වා ගැනී­මට නම් අලුත් ගම­නාන්ත හඳුන්වා දිය යුතුව තිබෙන බවත් ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

මෙම වසරේ මාර්තු 31 වැනිදා වන­විට සංචා­ර­ක­යින් 628000ක් මෙර­ටට පැමිණ තිබෙන බවත් මේ අනුව ඉති­හා­සයේ වස­රක් තුළ මෙර­ටට පැමිණි වැඩිම සංචා­ර­ක­යින්ගේ සංඛ්‍යාව මෙම වසරේ දී වාර්තා වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවත් හෙතෙම අව­ධා­ර­ණය කළේය.

මේ වන­විට වස­රක දී සංචා­ර­ක­යින් වැඩිම පිරි­සක් මෙර­ටට පැමිණ තිබෙන්නේ 2018 දී බවත් එම සංඛ්‍යාව ලක්ෂ 23ක් බවත් හරීන් ප්‍රනාන්දු පැව­සු­වේය.

සංචා­රක ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හන් ලෝකය පුරා ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් කරන බවත් මේ වන­විට එමි­රේට්ස් ගුවන් සේවය 06කින් ද කටාර් එයාර් වේස් ගුවන් සේවය 05කින් ද ෆ්ලයි ඩුබායි ගුවන් සේවය 04 කින් ද දෛනික ගුවන් ගමන් වාර වැඩි­කර තිබෙන බවත් ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.  මැති­ව­ර­ණ­යක් පැමි­ණීම අප­රා­ධ­යක් ද කියා සිතෙන තර­මට සංචා­ර­ක­යින් මෙර­ටට පැමි­ණෙ­මින් තිබෙන බවත් පටු අර­මුණු වෙනු­වෙන් දේශ­පා­ල­න­ඥ­යින් කඩා­ක­ප්පල් කිරීම් නොක­ළ­හොත් රටට සුවි­ශාල ජය­ග්‍ර­හණ රැසක් අත්පත් කර ගැනී­මට අව­ස්ථාව මේ ඔස්සේ සැල­සෙනු ඇති බවත් කීවේය.

මෙම මස 26 හා 27 දෙදිනේ දී සමුද්‍ර කේන්ද්‍රීය සංචා­රක ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කරන බවත් දෙවන ලෝක යුද සමයේ දී ශ්‍රී ලංකා මුහුද ආශ්‍රි­තව මුහු­දු­බත් වූ නැව් 143ක් නැර­ඹීම සඳහා ඒ යටතේ විදේ­ශි­ක­යින්ට පහ­සු­කම් සල­සන බවත් කී තල්ම­සුන් සමඟ පිහිනා අත්දැ­කීම් ලබා ගැනීමේ වැඩ­ස­ට­හ­නක් ද ක්‍රියා­ත්මක කරන්නේ යැයි පැව­සු­වේය.  ගුව­නින් ගොස් මෙරට සුන්ද­ර­ත්වය දැක ගැනීම සඳහා යෝධ බැලුන් 08ක් ආන­ය­නය කිරී­මට පිය­වර ගෙන ඇතැයි ද ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.