දුම්රියේ ගැටී සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට පත්වෙයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයේ අවසන් වසරේ සිසුවෙක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පේරාදෙණිය පොලිස් වසමේ පැණිදෙණිය කළුපාලම අසල දුම්රිය මාර්ගයේදී (01) සවස මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ තල්පිටිය උතුර, වාද්දූව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවෙක්.