SL vs BAN 2nd Test : බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 178 කට සීමාවෙයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසාන ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි.

ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 178 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Zakir Hasan ලකුණු 54 ක් හා Mominul Haque ලකුණු 33 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 4 ක්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 353 ක් ඉදිරියෙන් පසුවනවා.

ලකුණු පුවරුව පහතින්. 

news images
news images