IPL Match Summary: Delhi Capitals හා Gujarat Titans කණ්ඩායම්වලට ජය

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වන තරගය ලෙස Delhi Capitals කණඩායම හා Chennai Super Kings කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 20 ක ජයක් ලබා ගැනීමට Delhi Capitals කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Delhi Capitals කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 191 ක් ලබා ගත්තා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Chennai Super Kings කණ්ඩායමේ මතීෂ පතිරණ කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වූ අතර විශිෂ්ට උඩ පන්දුවක් ද රැක ගැනීමට සමත් වුණා.

කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Chennai Super Kings කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගැනිමට හැකියාව ලැබුණේ ලකුණු 171 ක් වීම හේතුවෙන් Delhi Capitals කණ්ඩායමට ලකුණු 20 ක ජයක් හිමි වුණා.

මේ අතර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය ලෙස Gujarat Titans කණ්ඩායම හා Sunrisers Hyderabad කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට Gujarat Titans කණ්ඩායම සමත් වුණා.