සවුත්ලන්ඩ්ස් විදුහල් බාලදක්ෂිකා පෙරහර ගාල්ලේදී

ගාල්ල, සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය බාලදක්ෂිකා සංගමය විසින් සංවිධාන කරන ලද වාර්ෂික බාලදක්ෂිකා පෙරහර, පසුගිය දා ගාල්ල කොටුවේ වීදි සංචාරය කළේය. නැටුම්, ගැයුම්, වැයුම් ඇතුළු සංස්කෘතික අංග ගණනාවකින් පෙරහර විචිත්‍රවත් වී තිබිණි.