මිනී මරා ‘සොරි’ කියන අයට රට භාර දෙන්න එපා

මේ රටේ තරුණ ජීවිත 60,000ක් 88-99 කාලයේ මැරුණු බව කැනඩාවේදී පිළිගෙන ඊට සොරි කියූ නායකයන්ට රට භාර දෙන්න එපා යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න බදුල්ලේ පැවැති ජන හමුවක් අමතමින් (31) පැවැසීය. ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක කැනඩාවට ගිය අවස්ථාවේ මේ රටේ 60,000-70,000ක් මැරුණු බව කිව්වා. ඒ මරුණු තරුණ ජීවිතවලට වග කියන්නේ කවුද ?. මේ මරණ ගැන අපිට සමාවෙන්න කියලා කිව්වා. සමාව ඉල්ලුවාම ඒ දරුවන්ගේ ජීවිතවලට සිදු වූ අසාධාරණය ගැන කවුද වග කියන්නේ. ඒ වගේම මේ අරගලෙන් ලැබුණු පණිවිඩය තමයි පළපුරුද්දක් නැති අයට මේ රට බාර දෙන්න එපා කියන එක. යැයිද ඇය වැඩිදුරටත් කීවාය.