මාපාකඩවැව පොලිස් පුහුණු පාසලේ ආධුනික නිලධාරියෝ ප්‍රායෝගික පුහුණුවක

මහියංගණය, මාපාකඩවැව පොලිස් පුහුණු පාසලේ ආධුනික පොලිස් නිලධාරීන් පිරිසක් මහියංගණ මහනුවර ප්‍රධාන මාර්ගයේ මහවැලි පාලම අසල පසුගිය 30 වැනි දින විශේෂ රථවාහන පරීක්ෂාවක් සිදු කරනු දක්නට ලැබිණි. එය උදෑදන 8.00 සිට දහවල් 12.00 දක්වා සිදු කෙරිණි.

ආධුනික පොලිස් නිලධාරීන් 240ක් මෙලෙස යුක්තිය මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා රථවාහන පරීක්ෂාව සහ මහජනතාව පරීක්ෂාව පිළිබඳ ප්‍රායෝගික පුහුණුවට පොලිස් පුහුණු පාසලේ උසස් නිලධාරීන්ගේ අනුදැනුම මත යොමු කෙරිණි.

රිදිමාලියද්ද, ඇකිරියන් කුඹුර, ලොග්ගල්ඔය, දඹාන 51 කණුව, වේරගංතොට පාලම අසල, සොරබෝර හංදිය යන ස්ථාන 06ක මෙලෙස රථවාහන පරීක්ෂාවට එම නවක නිලධාරීන් යොදවා තිබිණි.