මාතලේ පාසල් දරුවන්ට කටේ පුපුරන ටොෆි විකුණයි

අලුත් අවුරුද්ද සහ පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් කට ඇතුළේ පුපුරා යන අමුතු ටොෆියක් මේ දිනවල මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් දෙකක් ආශ්‍රිතව පවතින වෙළෙඳසල්වල අලෙවි වන බවට තොරතුරු වාර්තා වේ. එම ටොෆි විශේෂය විනාඩි 5ක පමණ කාලයක් තුළ කට ඇතුළේදීම පුපුරා යන අයුරින් සකස් කර ඇති බවත් මෙම අමුතු ටොෆි වර්ගයට දරුවන් ඇබ්බැහි වී ඇති බවත් මවුපියෝ පවසති.

විවෘත කරන ලද ටොෆි වර්ග කිහිපයක් ජල බඳුනකට දමා පරීක්ෂා කිරීමේ දී ජලයේ පවා මෙම ටොෆි වර්ගය පුපුරා යන බවත් ඒ තුළ යම් කුඩු විශේෂයක් පවතින බවත් ඔවුහු පවසති. ටොෆිය තුළම ටැටූ සහිත ස්ටිකරයක් ද පවතින බව කියා සිටි ඔවුහු අනාවරණය කළේ පාසල් අසල පිහිටි කුඩා වෙ‍ෙළඳසල් තුළ මෙම ටොෆි බහුලව දක්නට ලැබෙන බවයි. රුපියල් හැටක මිලකට අ‍ෙලවි වන මෙම ටොෆි විශේෂය පාසල් ක්‍රීඩා පිටි කිහිපයකම දක්නට ලැබී ඇත. යම් මත් විශේෂයක් හෝ වෙනත් කිසියම් අයුරින් ශරීරවලට අහිතකර යම් ද්‍රව්‍යයකින් මෙම ටොෆි විශේෂය නිපදවා ඇති බවට සැක කරයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල අ‍ෙලවිය සඳහා ඇති මෙම ටොෆි විශේෂය කුඩා දරුවාගේ සිට වැඩිහිටි පාසල් දරුවා දක්වා පමණක් අලෙවි කරන බව ද මවුපියෝ කියති. කට තුළ ශබ්ද නඟමින් පුපුරා යන හෙයින් මේ ටොෆි විශේෂයට පාසල් දරුවන් ඇලුම් කිරීම හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයින් ද වැඩි වශයෙන් මෙම ටොෆි අ‍ෙලවිය සඳහා කටයුතු කරමින් සිටින බව ද මවුපියෝ අවධාරණය කරති. මවුපියන් අවධාරණය කර සිටින්නේ මේ සම්බන්ධයෙන් අදාළ අංශවල කඩිනම් අවධානය යොමු විය යුතු බවයි.