පාස්කු මංගල්‍යය සමරමින්…

ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උත්ථානය සිහිපත් කෙරෙන පාස්කු මංගල්‍යය රට පුරා දේවස්ථානවලදී දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ (31) සැමරිනි.

මේ සඳහා දස දහසකට අධික ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබිණි. මේ දේවමෙහෙයන් සඳහා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් ද එක්ව සිටිනු දක්නට ලැබිණි.