පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (01) සහ හෙට (02) රැස්වීමට නියමිතව තිබෙනවා.

අද දිනයේ ආයුර්වේද පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇති අතර පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතක් වන අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමටද නියමිතව ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ