ප්‍රධාන රෝහල් 5 ක සෞඛ්‍ය වෘත්තීය සමිති අද පැය 4 ක වැඩ වර්ජනයක්

දිවයිනේ ප්‍රධාන රෝහල් කිහිපයක සේවාවලින් ඉවත්ව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (01) පෙරවරු 6.30 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 6.30 සිට පැය 4 ක කාලයක් මහනුවර, කුරුණෑගල, අනුරාධපුර, රත්නපුර හා බදුල්ල මහ රෝහල යන රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

එසේම ආයතන 20 ක පමණ ප්‍රමාණයක දහවල් 12.00 සිට 1.00 දක්වා උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදු කිරීමට නියමිතව ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.