නොවැම්බර් වන විට අනුර ජනාධිපති ලෙස දිවුරුම් දී ජනතාවාදී පාලනයකට මුල පුරනවා – සමන්ත විද්‍යාරත්න

ආණ්ඩුව විසින් කුමන ප්‍රචාර ගෙනගියද ලබන නොවැම්බර් මාසය වන විට අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස දිවුරුම් දී ජනතාවාදී පාලනයකට මුල පුරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න පවසනවා.

මේ වන විට දූෂිත කණ්ඩායම් සියල්ල එකට එකතු වී ජාතික ජන බලවේගයට එරෙහිව මඩ සහ අවලාද නිර්මාණය කරන බවද, තම පක්ෂය බලවත් වන විට ඔවුන් ජනතාවට බඩු බෙදීම වැඩි කරමින් සහ බඩු මිල පහත හෙළමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

මහ බැංකු වංචා, සීනි බදු වංචා සහ ස්කාගාර වලින් උපයාගත් මුදල් තම පක්ෂය සතුව නොමැති බවද, ඒවාට විරුද්ධව තම පක්ෂය විසින් ජනතාවට දැනුම බෙදීමට කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.