දුමින්ද, ලසන්ත සහ මහින්ද නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් පසුගිය සෙනසුරාදා (30) ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබුණා.