උත්සව සමයේදී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසියෙන් විශේෂ වැඩපිළිවෙළක්

එළඹෙන උත්සව සමයේදී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

කූඨ වෙළඳුන්ට හසු නොවීමටත්, කොල්ලකරුවන්ගෙන් සිය දේපළ හා මුදල් ආරක්ෂා කර ගැනීම සඳහාත් ජනතාවද අවධානයෙන් කටයුතු කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.

එසේම ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.