අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු අද සිට Sahasya Investment Limited සමාගම යටතට

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු අද (01) සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ Sahasya Investment Limited සමාගම වෙත පවරා තිබෙනවා.

ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය සහ පෞද්ගිලක අංශය ඒකාබද්ධව සිදුකරන නීතිමය හා මූල්‍යමය ශක්‍යතා අධ්‍යයනයකින් පසු මාස හයක් ඇතුළත අදාළ සියලු වත්කම් ඔවුන්ට පැවරීමට ද නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.

අධිවේගී මාර්ගජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම් සහ අදාළ කාර්ය මණ්ඩල වඩාත් වාණිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව සඳහා පසුගියදා අනුමැතිය හිමිව තිබුණා.