Month March 2024

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ දොන් නන්දසේන අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නුවරඑළිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කහනවිටගේ දොන් නන්දසේන නමැති සැකකරුවෙක් බවයි පොලීසිය සඳහන් කළේ. ඉන්දියාවේ කලක් සැඟව සිටි සැකකරු මෙරටට පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව…

ICC ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉදිරියට

නවතම ICC ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් (27) නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පිතිකරුවන් අතර 14 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා. ඒ, බංග්ලාදේශය සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ…

UNP එකයි පොහොට්ටුවයි එකතු වෙනවා කියන්නේ වැසිකිළි සමූහයක් එකතු වුණා වගේ වැඩක් – මර්වින් සිල්වා

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතුවීම යනු වැසිකිළි සමූහයක් එක වැසිකිළියක් බවට පත්වීම බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසනවා. එයින් ජනතාවට ලැබෙන සහනය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ. මේ…

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයෙන් වත්මන් ජනාධිපතිවරයා ප්‍රයෝජනයක් ගත්තොත් හොඳයි – එස්.එම්. චන්ද්‍රසේන

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගැටලුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයෙන් වත්මන් ජනාධිපතිවරයා ප්‍රයෝජනයක් ගතහොත් එය ඔහුට වාසිදායක වන බවයි (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා…

දුමින්ද, ළහිරු ඇතුළු තිදෙනා අප්‍රේල් 03 දක්වා රිමාන්ඩ්

දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්‍රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. සැකකරුවන් (27) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ. පසුගිය 20…

මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනිවාර්යයෙන්ම දේශපාලන නාට්‍යයක් – සිරිල් ගාමිණී පියතුමා

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෑතකදී සිදුකළ ප්‍රකාශය දේශපාලන නාට්‍යයක් බව අති උතුම් කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් පවසනවා. පාස්කු ප්‍රහාරය සැබවින්ම සිදුකළේ කවුදැයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිතිවරයා එදා සිටම දැන සිටි බව තමන් විශ්වාස කරන…

ඡන්දෙ වැළැක්වීමට උත්සාහ කළොත් අහන්න දෙයක් නෑ පාරට බහිනවා – මහින්ද දේශප්‍රිය

ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය ප්‍රකාශ කළ හැක්කේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ සාමාජිකයන් එක්වී ගන්නා තීරණයකින් පමණක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. එසේ නොමැතිව වෙනත් පුද්ගලයින්ට ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ඔක්තෝබර් මුල් සතියේද නැත්නම් තෙවන සතියේද වශයෙන් ප්‍රකාශ කළ නොහැකි…

චීන – ශ්‍රී ලංකා සහයෝගීතාවයෙන් ගිවිසුම් 9කට අත්සන් තබයි

චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තබා තිබෙනවා. චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම් අත්සන් කර ඇති බවයි සඳහන් වෙන්නේ. චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් අතර…

උත්සව සමය වෙනුවෙන් වෙළඳසැල් පරික්ෂාවට PHI වරුන් 3000 ක් යොදවයි

උත්සව සමය වෙනුවෙන් වෙළෙඳසැල් පරීක්ෂා කිරීම සඳහා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. සිදුකළ වැටලීම්වලදී උත්සව සමය වෙනුවෙන් සකස් කළ ආහාර ද්‍රව්‍ය සාම්පල් රැසක් රස පරීක්ෂකවරුන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති…

අමෙරිකාවේ නෞකා අනතුරින් 6 ක් අතුරුදන්

අමෙරිකාවේ බෝල්ටිමෝ වරායේ යාත්‍රා කළ නෞකාවක් ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමෙහි ගැටී සිදුවූ අනතුරින් 6 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා. එම පිරිස අතුරුදන් වී ඇති කාලය සහ එම ප්‍රදේශයේ ජලයේ උෂ්ණත්වය අනුව ඔවුන් මියගොස් ඇති බවටයි අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය සැක පළ කරන්නේ. එලෙස…