Month March 2024

වී මිලදී ගැනිම අර්බුදයකට පත් වෙලා – සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්

මෙවර වී මිලදී ගැනීමේ වැඩසටහන සම්බන්ධයෙන් ද ගැටළු රැසක් මතුව ඇතැයි සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසනවා. වී මිලදී ගැනීමේ සහතික මිල රුපියල් 105 ක් ලෙස නම්කර තිබුණ ද මහා පරිමාණ වී මෝල් හිමියන් සහ අතරමැදියන් රුපියල් 70-80…

සේවාවන් ලබාගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණෙන පිරිස් වෙත දැනුම්දීමක්

මාර්තු මස 04 වනදා සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්යය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මේ සඳහා 0112 117 116 ස්වයංක්‍රීය දුරකථන අංකය හරහා…

Online පනත සම්මත කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ ආකාරය නීතියට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය (29) තීරණය කර තිබෙනවා. ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න…

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය ශ්‍රේෂ්ඨාධිකරණ​ය අහෝසි කරයි

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුට මින් ඉදිරියට නීති වෘත්තියේ යෙදීම වළක්වාලමින් ඔහුගේ නීතීඥ භාවය අහෝසි කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය (29) තීන්දුවක් ලබාදී තිබෙනවා. නාගානන්ද කොඩිතුවක්කුට එරෙහිව පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව…

උණුසුම් කාලගුණයෙන් දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ නිදන්ගත රෝගීන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශ

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ නිදන්ගත රෝගීන් විජලනයෙන් ආරක්ෂා කරගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම්දෙනවා. ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය…

කරවනැල්ල මූලික රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වීමෙන් දෛනික පරීක්ෂණ කටයුතුවලට බාධා

කරවනැල්ල මූලික රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වී ඇති බව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. මෙම ස්කෑන් යන්ත්‍රයෙන් දෛනිකව රෝගීන් 50කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂණ සිදු කෙරෙන බව ද, යන්ත්‍රය අක්‍රිය වී ඇති නිසා දෛනිකව සිදුකරන පරීක්ෂණ කටයුතුවලට බාධා එල්ල වී…

බස් රථයක් පෙරළී සිසුන් 35 කට තුවාල

සියඹලාණ්ඩුව – මොනරාගල ප්‍රධාන මාර්ගයේ කොඩයාන ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලංගම බස් රියක් පෙරැලී (29) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් 35 දෙනකු රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව…

HIV නව ආසාදිතයින් වාර්තාවීම 14% කින් ඉහළට

HIV නව ආසාදිතයින් වාර්තා වීම 14% පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා. පසුගිය වසරේදී නව HIV ආසාදිතයින් 694 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් වැඩි දෙනෙකු පිරිමි පුද්ගලයින් බවයි එහි අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ…

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ වැඩ භාරගනී

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ වැඩ භාරගෙන තිබෙනවා. මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පසුගියදා පත් කිරීමට කටයුතු කර තිබුණා. ඔහු මාස 03ක කාලයක් සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙසද කටයුතු කළා.

SL vs BAN T20 : ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම (29) දිවයිනෙන් පිටත්ව ගියා. ඒ අනුව විස්සයි විස්ස කණ්ඩායම මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය අතර සංචිතය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා. විස්සයි විස්ස තරගාවලිය මාර්තු 4, 6 හා 9 යන දිනවලදී…