Month March 2024

කොළඹ ටයර් කඩයක ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ආමර් වීදියේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ආමර් වීදියේ වාහන ගමනාගමනය මීගමුව දෙසට එක් මංතීරුවකට සීමා කර…

විශේෂ වෙළඳ භාණ්ඩ අඩු කළේ වරායේ සිරව ඇති සහල් තොගය නිදහස් කිරීමට පමණයි – මුදල් රාජ්‍ය ඇමති

සහල් සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ අඩු කිරීම හේතුවෙන් ගොවීන්ට කිසිදු බලපෑමක් ඇති නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. මීට පෙර කීරි සම්බා ආනයනට ලබාදුන් කෙටි කාලීන අවසරය මත ගෙන්වන ලද සහල් තොගයක් මේ වන විට වරාය…

කබ්රාල් ඇතුළු 5 කට අල්ලස් කොමිසමෙන් නඩු

2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා.…

එළඹෙන අඟහරුවාදා සිට යළිත් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කරයි

එළඹෙන අඟහරුවාදා උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 3 ක් හැර අනෙක් සියලු වෘත්තීය සමිති අත්හිටවූ අඛණ්ඩ වර්ජනය ක්‍රියාමාර්ගය නැවත ආරම්භ කිරීමට ඒකමතිකව තීරණය කළ බවයි සෞඛ්‍ය…

මාස දෙකක් තුළ රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙනවා – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බවත් එමඟින් ද රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න…

රජයේ වාහනයක් කිලෝමීටරයක් ධාවන කිරීමට රුපියල් 300ක් වැයවන බවට අනාවරණයක්

රාජ්‍ය ආයතන සතු වාහන ධාවනයේදී කිලෝමීටරයක් සඳහා රුපියල් 300ක පමණ පිරිවැයක් දරන බව ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා. කෙසේ නමුත් එය රුපියල් 100ක් දක්වා අඩුකළ හැකි බවට එම අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණ වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන…

පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගන්න මාසයකට අවශ්‍ය මුදල රු.17,014 ක් – සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මෙරට පුද්ගලයකු හට සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය මුදල රු.17,014 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ජාතික අගයයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම අගයය එක් එක් දිස්ත්‍රික්කයට අනුව වෙනස් වන බවයි නවතම…

ඉන්දියාවෙන් බිත්තර ආනයන කටයුතු සීමා කෙරේ

ඉන්දියාවෙන් බිත්තර ආනයන කටයුතු සීමා කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙන් මෙලෙස බිත්තර ආනයන කටයුතු සීමා කර ඇති බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ. බිත්තර මිලියන 4…

ඥා​ණසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්

ගලබොඩඅත්තේ ඥා​ණසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබෙනවා. ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම…

පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට වවුචරපත්

එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා ප්‍රදේශවල සහ හඳුනාගත් දරිද්‍රතාව සහිත පාසල්වල ලක්ෂ අ‍ටකට ආසන්න පාසල් දැරියන්ට ඒ අනුව…