Month March 2024

අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

අහුන්ගල්ලේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා. (01) දින දහවල් කාලයේදී අහුන්ගල්ල පොලිස් වසමේ හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. වෙඩි වැදී මියගොස් ඇත්තේ 45 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය…

මහ බැංකු නිලධාරීන් අඟහරුවාදා පක්ෂ නායක හමුවට කැඳවයි

ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් ලබන අඟහරුවාදා (05) පෙ.ව. 10.30 ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධ කරුණු විමසීම සඳහා ඔවුන් මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ. (01)…

උපාධිධාරින් ‍2500 කට ගුරු පත්වීම්

බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරින් ‍2500 කට පත්වීම් ලබාදෙන බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන සඳහන් කරනවා. පසුගිය ඔක්තෝම්බරයේ පැවති ගුරු විභාගයේ ප්‍රතිඵල මත ප්‍රාථමික, කලා, වාණිජ, විද්‍යා හා ගණිතය විශය ධාරා ද, සාමාන්‍ය පෙළ විෂයයන් ඉගැන්වීම සඳහාද…

ලංවිම සභාපති ඇතුළු පිරිසක් මහජන උපයෝගිතා කොමිසම හමුවට

විදුලි බිල අඩු කිරීමේ යෝජනා පිළිබඳව තවදුරටත් කරුණු සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ විශේෂ රැස්වීමක් (01) ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු පිරිසක් මහජන උපයෝගිතා කොමිසම හමුවට කැඳවා තිබෙන බවයි සඳහන් වන්නේ. මීට පෙර පැවති සාකච්ඡාවෙන්…

බාල ප්‍රතිදේහ එන්නත් සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධ නඩුවට අදාළව වෛද්‍ය ජයනාත් බුත්පිටිය නමැති පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය (29) වරෙන්තු නිකුත් කරනු ලැබුවා. බාල එන්නත් හා සම්බන්ධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගයීම් කමිටුවේ සාමාජිකයකු ලෙස ක්‍රියාකළ අදාළ පුද්ගලයා මෙම නඩුවේ විමර්ශන…

මාර්තු මාසයේ ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් සිදුවන්නේ නැහැ – මුදිත පීරිස්

මාර්තු මාසයේ ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. ඒ අනුව දැනට පවතින මිල ගණන්වලටම මාර්තු මාසයේද ගෑස් අලෙවිය සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රජයේ පොහොර සමාගම් දෙක නිෂ්පාදනය කරන පොහොර වෙළෙඳපොලේ පවතින මිලට අඩුවෙන් තේ වගාකරුවන්ට ලබාදෙනවා

“Agri tech-24 කෘෂි තාක්ෂණ දැක්ම” ප්‍රදර්ශනය මාර්තු 02 සිට 05 දක්වා හම්බන්තොට බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේදී – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර. රජයට අයත් පොහොර සමාගම් දෙක නිෂ්පාදනය කරන තත්ත්වයෙන් හා ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පොහොර වෙළෙඳපොලේ අලෙවි කරන…

ඉන්දියන් සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට හානිවීමට ඉඩ දෙන්නේ නැහැ

ශ්‍රී ලංකා සාගර කලාප මෙන්ම ඉන්දියානු සාගර කලාපය ද ආරක්ෂා කිරීමේ වගකීම අපගේ නාවික හමුදාවට පැවරෙනවා. රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් දායක වී මෙරට වරායන්හි ආර්ථික වටිනාකම් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළයුතුයි – ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයට ජනාධිපති…

තායිලන්ත බෞද්ධ කණ්ඩායමේ මූල්‍ය පරිත්‍යාගය ‘කඳුළක් පිස දමමු’ ව්‍යාපෘතියට යොදවන ලෙස ජනපතිගෙන් උපදෙස්

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ සහ තායිලන්ත ජාතික බෞද්ධ බැතිමතුන් පිරිසක් (29) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අතර එහිදි ඇමරිකානු ඩොලර් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී. එම පරිත්‍යාගය මෙරට ඉතා අසරණ තත්ත්වයේ පසුවන ජනතාවට…

ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් උල්ළංඝනය වන ඕනෑම අවස්ථාවකදී ඊට එරෙහිව කටයුතු කිරීමට සූදානම්

කලාපයේ සහ ලෝක සාමයට ප්‍රශ්න ඇතිවන සෑම අවස්ථාවකම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අවශ්‍ය සහාය ලබා දෙනවා. නායකත්වය ලබා දීමට පසුබට වෙන්න එපා, අසීරු අවස්ථාවන්හිදී ඉන් බැහැර නොවී රට වෙනුවෙන් වගකීම් ඉටු කරන්න – ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත්…