Month March 2024

බිත්තර සඳහා යළි උපරිම මිලක් පැනවීමට අවධානය

බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් පැනවීමේ ගැසට්ටුව පළ කිරීමට අදාල මිල ගණන් ඇතුළත් යෝජනාව මෙම සතිය තුළ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වන පිරිවැය රුපියල් 30ක්…

අත්හිටවු බස්නාහිර පළාත් පාසල් විභාග අද යළි ආරම්භ වෙයි

තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු අද (06) දිනයේ සිට යළි පැවැත්වීමට නියමිතව තිබෙනවා. වාර විභාගයේ මෙතෙක් නොපැවැත්වූ විෂයන් සඳහා විභාග කටයුතු පැවැත්වීමට නියමිතව ඇති බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්ලමේන්තුව ප්‍රකාශ කළේ.…

විදේශිකයින්ට පහරදුන් දුම්රිය සේවකයින්ගේ වැඩ තහනම්

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක සිටි සංචාරකයින් දෙදෙනෙකුට දුම්රිය සේවකයින් පිරිසක් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සේවකයින් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ අනුව දෙවැනි ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගේ සහ දුම්රිය නියාමකවරයෙකුගේ වැඩ තහනම් කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන්…

අරගලයේ නිරත වූ 13 දෙනෙකු අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරයි

2022 වසරේ මහජන අරගලය අතරතු​ර පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයේ නිරතව සිට අත්අඩංගුවට පත්ව, පසු​ව ඇපමත නිදහස්ව සිටි පිරිසක් නිදොස්කොට නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. එම සමයේ දී රටෙහි පැවැති තත්ත්වයන් සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කිරීම සඳහා සංදේශයක් බාරදීමට…

රජය යන ගමන් මඟෙහි සාර්ථකත්වය මේ වන විට සනාථ වී තිබෙනවා

රටේ පිබිදෙන ආර්ථිකයේ ප්‍රතිලාභ ඉදිරියේ දී තව තවත් ජනතාවට ලබා දෙනවා. සියලු කටයුතු ක්‍රියාවට නංවා ඇත්තේ ක්‍රමානුකූලව විද්‍යාත්මක සැලැස්මකට අනුවයි. මම කිසිදා බලය වෙනුවෙන් අසත්‍ය ප්‍රකාශ කළේ නැහැ. අද මම වෙහෙසෙන්නේ බලය ලබා ගැනීමට නොව, රට යළි ගොඩනැඟීමටයි. බලය වෙනුවෙන්…

විප්ලවවාදීන්ගේ වැඩ නිසා ජීවිත විශාල ප්‍රමාණයක් රටට අහිමි වුණා

මේ රටේ විප්ලවයක් කරන්න උත්සාහ කරනවා යැයි පවසන විප්ලවවාදීන්ගේ ත්‍රස්තවාදය නිසා ජීවිත අහිමි වීම් විශාල ප්‍රමාණයක් සිදු වූ බවත් උතුරේ මෙන්ම දකුණේ ද ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වූ බවත් නැවතත් මෙවැනි ඛේදවාචකයක් රට තුළ නිර්මාණය නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. විපක්ෂ…

ජනපති ගැන කාටුන් ඇතුළත් Press Vs. Prez කෘතිය එළිදැක්වීම හෙට

රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමේ අසීරු කාර්ය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සුවිශේෂ භූමිකාව පුවත්පත්වල කාටූන් ශිල්පීන් දුටු ආකාරය එක් කර සම්පාදනය කළ “Press Vs. Prez” කෘතිය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් හෙට (07) සවස 4.00ට කොළඹ නෙළුම් පොකුණ…

සිසුන් දස ලක්ෂයකගේ දිවා ආහාර දීමනාව ඉහළට

ප්‍රාථමික අංශයේ පාසල් සිසුන් සඳහා දිනක ආහාර වේලක් වෙනුවෙන් ලබාදෙන මුදල රුපියල් 110ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මෙතෙක් එම ආහාර වේලක් වෙනුවෙන් රුපියල් 85ක මුදලක් වෙන් කර තිබූ බව කැබිනට් ප්‍රකාශක, විෂය භාර ඇමැති, ආචාර්ය…

SL vs BAN 2nd T20 : දෙවන තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරයේ දෙවන විස්සයි විස්ස තරගය අද (06) පැවැත්වෙනවා. ඒ අනුව තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30 ට Sylhet ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා…

අද කාලගුණ නිවේදනය

දකුණු පළාතේත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයෙදී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන…