Month March 2024

රත්නපුරේ පහකට ඇසිඩ් ගැසූ සැකකරු රිමාන්ඩ්

රත්නපුර මහාධිකරණ සංකීර්ණය අසලදී (06) උදෑසන ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර සිව්දෙනකුට තුවාල සිදු කළ සැකකරු මාර්තු 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රත්නපුර වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ ප්‍රියංකා ගුණවර්ණසූරිය (07) නියෝග කළාය. මෙසේ බන්ධනාගාරගත කර ඇත්තේ රත්නපුර මිල්ලකඩේ දොඩම්පෙ පදිංචි…

හදිසියේ රෝගී වූ රියැදුරුගේ පාලනයෙන් ගිලිහුණු බස් රිය නිවෙසක ගරාජය ඇතුළේ

පුද්ගලික බස් රථයක රියැදුරුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ධාවනය කරමින් තිබූ බස් රථය පාලනය කරගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේදී නිවෙසක් සහිත ගරාජයකට කඩා වැදීමෙන් රිය අනතුරක් සිදුව ඇත. (07) උදෑසන මේ බස් රථය වව්නියාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඇඟලුම්හලකට සේවකයන්…

ඡන්දයකට වඩා ජනතාව මරණයෙන් බේරා ගැනීමට මුදල් වෙන් කළා

රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටි අවස්ථාවක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වඩා පීඩාවට පත් වී සිටි ජනතාව මරණයෙන් මුදා ගැනීම අත්‍යවශ්‍ය වූ බැවින් රජයට ඒ සඳහා ප්‍රමුඛත්වය දී මුදල් වෙන් කිරීමට සිදු වූ බව අගමැති දිනේෂ් ගුණවර්ධන සිය නීතිඥවරයා මඟින්…

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදි තිබෙනවා. මෙවර කාන්තා දිනයේ තේමාව වන්නේ “ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන්නයි. ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අද (08) උදෑසන ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන්…

රාජකීය – ශාන්ත තෝමස් 145 වැනි නිල් මහා සටනේ පළමු දිනය අවසන්

කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර නිල් මහ සටන ක්‍රිකට් තරගයේ පළමු දිනය (07) අවසන් වුණා. ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය පන්දුවාර 89 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 297 ක් ලබා ගත්තා.…

දේශබන්දුගේ පත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 2 ක්

වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 02ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව සමගි ජන බලවේගයේ නිරෝෂන් පාදුක්ක එක් පෙත්සමක් ඉදිරිපත් කළ අතර මහාචාර්ය සාවිත්‍රී…

COPA කමිටු සභාපති ධූරය ලසන්ත අලගියවන්නට

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න රජයේ ගිණුම් කාරක සභාවේ (COPA) සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා. ඒ අනුව (07) රැස්වූ රජයේ ගිණුම් කාරක සභාවේදී මෙම පත් කිරීම සිදුකර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අන්තරේ කැඳවුම්කරුට ඇප

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇප මත මුදාහැර තිබෙනවා. (06) බොරැල්ලේදී පැවති විරෝධතාවක් අතරතුරදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ අනුව ඔහු (07) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත…

ආයේ දීලා බලන්න දෙයක් නෑ කාටවත්, රට කරන්න පුළුවන් රනිල්ට විතරයි – මනූෂ

වසර එකහමාරක කාලයක් තුළ රට ගොඩ නගා පෙන්වන ලද නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. නැවතත් වෙනත් පුද්ගලයෙකුට ඡන්දය ලබාදී පරික්ෂා කිරීමට දෙයක් නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. මෙතෙක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හොඳින්…