Month March 2024

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නිර්පාක්ෂිකයෙකු ලෙස – මනූෂ

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නිර්පාක්ෂිකයෙකු ලෙස බව මනූෂ නානායක්කාර අමත්‍යවරයා පවසනවා. රටම ජයග්‍රහණය කරවීම උදෙසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත වරක් පත්විය යුතු බවයි ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ. රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්…

පාස්කු දේව මෙහෙයට ගිය බසය පෙරළී 45ක් මරුට

දකුණු අප්‍රිකාවේ පාස්කු දේවමෙහෙයක් සඳහා සහභාගීවීමේ අරමුණින් ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් තිබේ. ඊසාන දිග ලිම්පෝපෝ කලාපයේ මොරියා නගරයේ පැවැත්වෙන දේවමෙහෙය සඳහා සහභාගීවීමට අදාළ පිරිස ගැබරොන් සිට ගමන් කර ඇති…

වතු පාසල් සඳහා ගුරු සහයක පත්වීම් 2,535 ක් ලබාදීමට තීරණය කෙරේ

ස්ථාවර විසඳුම් ලබාදීම අභියෝගයක් වන අවස්ථාවලදී විකල්ප විසඳුම් තුළින් හෝ අධ්‍යාපන පද්ධතිය අඛණ්ඩව පවත්වා ගෙන යාම තම අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. වතු පාසල්වල විශාල ගුරු හිඟයක් තවමත් පවත්නා බවත් අධ්‍යාපන විද්‍යාපීඨ වලට පවා සුදුසුකම් සපුරන සිසුන්…

ඇල්පිටි​යේ PHI නිලධාරී ඝාතන විමර්ශන​ය CID වෙ​ත භාරදෙයි

ඇල්පිටිය ප්‍රදේශයේදී  PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. මේ සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ…

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට නව බද්දක් හඳුන්වාදීමට රජයේ අවධාන​ය

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කිරීමට සිදුකළ යෝජනාව කැබිනට් මණ්ඩලය පිළිගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට සහ පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට නව බද්දක් හඳුන්වා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ආනයන…

මාස දෙකක් තුළ රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක්

ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසනවා. එමඟින්ද රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙන…

මුහුදුබඩ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකියි – දුම්රිය දෙපාර්තමේන්තුව

කොළඹ මහ නගර සභාව විසින් බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු කිරීමට නියමිත සංවර්ධන කටයුත්තක් හේතුවෙන් (29) සිට 31 දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව හා වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර තනි මාර්ගයේ ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ…

IPL Match Summary: Rajasthan Royals කණ්ඩායමට ජය

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයෙන් Delhi Capitals කණ්ඩායම පරදා ලකුණු 12 ක තියුණු ජයක් වාර්තා කිරීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් Delhi Capitals කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කළ අතර…

මහ සිකුරාදා දිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීම සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුණු බැතිමතුන් (29) සමරනු ලබනවා. ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් කිතුණුවන් අළු බදාදායින් ඇරඹුණු දින 40ක් පුරා නිරාහාර ශීලය, දාන මාන, කිතු සමිදා​ණන්ගේ කුරුස ගමන සිහිපත්…

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු වනු දැකීම අපේක්ෂාවයි

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය ලබා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. එසේම දේශපාලනය සහ ක්‍රීඩාව වෙන් කර තබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලනඥයන්ට…