Month March 2024

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මඟින් විශේෂ සැමරුම් වැඩසටහනක්

08 දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් යුද් හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරනු ලැබූ විශේෂ සැමරුම් වැඩසටහනක් ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්නයේදී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය. උත්සවයේ ආරම්භය සනිටුහන්…

වියළි කාලගුණයත් සමඟ සුදු මැස්සාගෙන් සිදුවන හානියේ වර්ධනයක්

රට තුළ පවත්නා වියළි කාලගුණික තත්වයත් සමඟ නැවතත් සුදු මැස්සාගේ හානිය වර්ධනය වීමක් පිළිබඳ නිරික්ෂණය වී ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි. දැනට පුත්තලම දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශ කිපයක් නිරික්ෂණයට ලක් කරන ලද බවත්, එහිදී දංකොටුව, නාත්තන්ඩිය, මාරවිල නගරය අවට…

ඉඟුරු, ගම්මිරිස්, කහ ඇතුළු කුළුබඩු වර්ග ආනයනයට අවසර

ගම්මිරිස්, ඉඟුරු, කහ ඇතුළු කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, ඉඟුරු, කහ සහ අනෙකුත් කුළුබඩු වර්ග ආනයන හා අපනයන පාලන ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව ආනයනය කිරීමට අවසර හිමිව තිබෙනවා.…

ජාතික ජන බලවේගයේ “ගැහැණු අපි එක මිටට” කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව අද

ජාතික ජන බලවේගය සංවිධානය කරන “ගැහැණු අපි එක මිටට” කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව එහි නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් (10)අද. ඒ අනුව සවස 3.00 ට හෝමාගමදී.

එක්සත් ජාතික පක්ෂයේ “සැබෑව” ජන රැළි මාලාව ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹේ

එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන “සැබෑව” ජන රැළි මාලාවේ පළමුවැන්න කුලියාපිටියේදී අද (10). ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් 2.00 ට කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේදී. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්විමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ  ප්‍රචාරක ජනරැළියක් අමතන පළමු අවස්ථාව මෙය…

“IORA” දින සැමරුම් උත්සවයට ජනපති එක් වෙයි

“අනාගත පරපුර සඳහා තිරසර ඉන්දියානු සාගරයක් සහතික කිරීම” යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ සභාපතිත්වයෙන් (10) කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවති “IORA” දින 2024 සැමරුම් උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහද එක් විය. ඉන්දීය සාගර වට අද්දර සංගමය හෙවත් “IORA” සංගමය…

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා වූ කොටසේ එක් දුම්රිය මාර්ගයක ගමනාගමනය සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ (09) (10) සහ (11) යන තෙදින තුළ මෙම…

ස්විස්ටර්ලන්තයේ ලාංකිකයන්ගේ Gloaming Dinner Dance ප්‍රසංගය අතිසාර්ථකයි

ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් පසුගිය මාර්තු 02 වැනිදා සංවිධාන කර තිබූ දැවැන්ත ප්‍රසංගය වන Gloaming Dinner Dance ප්‍රසංගය අති සාර්ථක ලෙස නිමා විය. පැමිණි ශ්‍රී ලංකික හා ස්විස් ජාතික සියලු අමුත්තන්ගේ පැසසුමට එහි සංවිධායක මඩුල්ලද, ආරාධිත ගායන ශිල්පීන් ද…

කයිවාරුව වෙනුවට කෙරුවාව තෝරාගැනීමෙන් රටේ ආර්ථිකය ස්ථාවර කළ හැකි වුණා

කයිවාරුව වෙනුවට කෙරුවාව තෝරාගැනීම හේතුවෙන් රටේ මූල්‍ය සංචිත ඉහළ දමා රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට වත්මන් රජය හැකි වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යා මනූෂ නානායක්කාර (09) කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේදී පැවති අමාත්‍යාංශයේ ජනතා ජංගම සේවයේ සමාරම්භය සනිටුහන් කරමින් ප්‍රකාශ කළේය.…

මැණික් ගලක් නිසා ව්‍යාපාරිකයෙක් පැහැරගනියි

මැණික් ගලක් අලෙවි කිරීමේ සිදුවීමක් මුල්කරගනිමින් ඇතිවූ ආරවුලක් හේතුවෙන් හොරණ ප්‍රදේශයේ රෙදි පිළි ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් තිබේ. පැහැරගත් පිරිස විසින් ව්‍යාපාරිකයා මුදාහැරීමට ඔහුගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 35ක කප්පම් මුදලක් ඉල්ලා තිබූ අතර කප්පම්කරුවන් සූක්ෂම ලෙස කොටු කරගැනීමට පොලීසිය සමත්වී ඇත.…