Month March 2024

යුක්තිය මෙහෙයුම සඳහා ත්‍රිවිද හමුදාවේ සහාය ලබා ගන්නවා – පොලිස්පති

අපරාධ හා මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක කර ඇති මෙහෙයුම් සඳහා (11) සිට ත්‍රිවිධ හමුදාවේද සහය ලබාගෙන තවදුරටත් දැඩි කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. තමන් ලබන වසර වන විට මෙරට අපරාධ හා මත්ද්‍රව්‍ය තත්ත්වයේ පැහැදිළි වෙනසක් කරන බවයි…

ශ්‍රී ලංකා යුද හමුදාව යාපනය අර්ධද්වීපයේ අක්කර 100කට වැඩි භූමි ප්‍රදේශයක් සාමාන්‍යය ජනතාවට නිදහස් කරයි

යුද සමයේ පවරාගත් තවත් අක්කර 100කට වැඩි යාපනය අර්ධද්වීපයේ ඉඩම් නීත්‍යානුකූල හිමිකරුවන් වෙත නැවත ලබා දීම  2024 මාර්තු 10 වන දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යිලයේ දී සිදුකෙරිණ. යුද්ධ හමුදාව විසින් භාවිතා කරන ලද ඉඩම් සාමාන්‍ය ජනතාවගේ භාවිතාව සදහා නිදහස් කළ…

අගලගල්ල කන්දේ කඳවුරු බැඳ ආපසු එද්දී ප්‍රපාතයකට වැටී අනතුරට ලක් වූ වයඹ සරසවියේ සිසුවා යුද්ධ හමුදාවෙන් බේරාගනී

වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුන් දස⁣දෙනෙකු (09) කෑගල්ල අලගල්ල කන්දේ රාත්‍රී කඳවුරු බැඳ ආපසු එමින් සිටිය දී එක් සිසුවෙක්  ප්‍රපාතයකට ඇද වැටී අනතුරකට ලක්ව ඇත. ඒ පිළිබදව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයට ලැබුණු තොරතුරකට අනුව සිද්දිය සැබැදිව 611…

මොස්කව් නුවරට ත්‍රස්ත ප්‍රහා­ර­යක අව­දා­න­මක් අමෙ­රි­කානු තානා­පති කාර්යා­ල­ය අනතුරු අඟවයි

අන්ත­වාදී කණ්ඩා­ය­මක් මොස්කව් නුව­රට ත්‍රස්ත ප්‍රහා­ර­යක් එල්ල කිරීමේ අව­දා­න­මක් ඇතැයි රුසි­යාවේ අමෙ­රි­කානු තානා­පති කාර්යා­ලය අන­තුරු අඟවා තිබේ. මේ අන­තුරු ඇඟ­වීම සිදු කර ඇත්තේ මොස්කව් නුවර පිහිටි යුදෙව් දේව­ස්ථා­න­ය­කට ප්‍රහා­ර­යක් එල්ල කිරී­මට ඇෆ්ග­නි­ස්තානු සම්භ­ව­යක් සහිත සුන්නි මුස්ලිම් ත්‍රස්ත­වා­දි­යකු සිර­මැ­දි­රි­යක සිට කරනු…

ලෝක මාධ්‍ය බල­වතා 92 හැවි­රිදි මර්ඩොක් 6 වැනි වර­ටත් විවාහ ගිවිස ගනී

ලෝක මාධ්‍ය බල­ව­තකු වන අමෙ­රි­කාවේ ප්‍රකෝ­ටි­පති ව්‍යාපා­රික රූපර්ට් මර්ඩොක් 6 වැනි වතා­ව­ටත් විවාහ ගිවි­ස­ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 92 හැවි­රිදි මේ මාධ්‍ය බල­වතා මෙවර විවාහ ගිවිස ගෙන ඇත්තේ රුසි­යානු ක්ෂුද්‍ර­ජීව විද්‍යා­ඥ­ව­රි­යක වූ 67 හැවි­රිදි එලේනා සුකෝවා සමඟ බව ද…

මානු­ෂීය ආධාර සැප­යීම වේග­වත් කිරී­මට ගාසා තීර­යට අමෙ­රි­කා­වෙන් තාව­කා­ලික වරා­යක්

මානු­ෂීය ආධාර වැඩි වශ­යෙන් සැපැ­යීම සඳහා ගාසා තීරයේ තාව­කා­ලික වරා­යක් ඉදි කරන බව අමෙ­රි­කානු ජනා­ධි­පති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම වරාය ඉදි කිරී­මෙන් පසු ගාසා තීරයේ අව­තැන් වූ පල­ස්තීන ජන­තා­වට අත්‍ය­වශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමා­ණ­යෙන් දෛනි­කව…

VietJet ගුවන්යානයක දරු උපතක්

තායිවානයේ, තායිපේ සිට තායිලන්තයේ බැංකොක් දක්වා පියාසර කරමින් තිබූ VietJet ගුවන්යානයකදී කාන්තාවක් දරුවකු ප්‍රසූත කර තිබේ. ඒ අවස්ථාවේ ගුවන්යානයේ ප්‍රධාන ගුවන් නියමු Jakarin Sararnrakskul, සිය සහායක කාන්තා ගුවන්නියමුවරියට නියමු කුටිය බාරදී දරු ප්‍රසූතිය සිදුකළ කාන්තාවගේ තත්වය පිළිබඳ අවධානයෙන් සිට ඇති…

බොර තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගතවූ සතිය පුරා ඩොලර් 81 ට අඩු මට්ටමින් පැවතුණි. ඒ අනුව,(08) එහි අගය සටහන් වුණේ ඩොලර් 78.69 ක් ලෙසයි. මාර්තු 01 වැනිදා සිට මේ දක්වා තෙල් මිල ඩොලර් 81ත් 78ත් අතර යම් ස්ථාවර අගයක පැවතුණු බව…

ලොව පැරණිතම වනාන්තරය හමුවෙලා

විද්‍යාඥයින් පිරිසක් විසින් පසුගියදා නිරිතදිග එංගලන්තයේ වෙරළ තීරයේ ගල්පරවලින් ලොව පැරණිතම පොසිල වනාන්තරය සොයාගෙන තිබේ. ඒ සමර්සෙට් හි මයින්හෙඩ් නගරය අසල උස් වැලිගල් සහිත කඳුකර ප්‍රදේශයකිනි. . මෙම වනාන්තරය අයත් ව ඇත්තේ වසර මිලියන 390 කට පෙර කාලයට බව වාර්තා…

නිල් චිත්‍රපට නිළි එමිලි කෝමා තත්ත්වයකට පත්වෙයි

පසුගිය පෙබරවාරි මස 05 වැනිදා සිට ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක වන එමිලි විලිස් (Emily Willis) මේ වන විට දරුණු කෝමා තත්ත්වයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විසිපස් හැවිරිදි ඇයව මත්ද්‍රව්‍ය අධිභාවිතාවක් හේතුවෙන් පසුගිය පෙබරවාරි මස 05 වැනිදා රෝහල්ගත…