Month March 2024

සරසවි අනධ්‍යයන සේවකයින් වැඩ වර්ජනයක

වැටුප් ගැටළුවක් මුල්කර ගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දෙවන දිනටත් අද (13) ක්‍රියාත්මක වනවා. ඒ අනුව එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද පස්වරු 4.30 දක්වා ක්‍රියාත්මක බව අන්තර් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ…

අදත් ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක

 (13) දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, වයඹ, දකුණු සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන සඳහා උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ…

උණුසුම් කාලගුණය ගැන පාසල් වෙත යළි දැනුම්දීමක්

පවතින අධික උෂ්ණත්වයත් සමග දරුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කළයුතු ආකාරය දැනුම්දෙමින් යළිත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව පසුගිය පෙබරවාරි මස 26 වනදා නිකුත් කළ ලිපියේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි එම අමාත්‍යංශය දැනුම්දුන්නේ.…

සයිබර් අපරාධ මැඩලීම සඳහා පොලීසියේ 20කට ඉන්දියාවේදී විශේෂ පුහුණුවක්

සයිබර් අපරාධ විමර්ශනය සහ කෘතිම බුද්ධිය පිළිබඳ විශේෂිත පාඨමාලාවක් සඳහා මෙරට පොලිස් නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවට ගොස් තිබෙනවා. ඉන්දියාවේ හයිද්‍රාබාද්හි Central Detective Training Institute (CTDI) ආයතනයේදී ඔවුන් එම පුහුණුව ලබන බවත්, අදාළ කණ්ඩායම ඉකුත් 03 වනදා ඉන්දියාව බලා…

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි නව තානාපතිවරයෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරයෙක් සහ මහකොමසාරිස්වරයෙක් (12) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. තායිලන්ත රාජධානියේ නව තානාපතිවරයා ලෙස පත්ව පැමිණි පයිටූන් මහපන්නපෝන් (H. E. Paitoon Mahapannaporn) මහතා සහ පාකිස්ථානු ඉස්ලාමීය…

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි

ජාතික ගුරු කවුන්සිලයක් පිහිටුවීම සඳහා වන පනත මාසයක් තුළ පාර්ලිමේන්තුවට. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන පාසල් සංඛ්‍යාව ඉහළට. ජාතික විභාග ප්‍රතිඵල සහතිකවලට සීමා නොවී පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කිරීමේ සහතිකයක් මෙම වසරේ සිට සෑම සිසුවෙකුටම. අධ්‍යාපනය වත්මන් ආර්ථික පරිවර්තනයේ අත්‍යවශ්‍යම මූලාංගයක්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් දැනුවත් කෙරේ

සියලු කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යාම රජයේ අරමුණයි – ජනපති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා තිබු විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා දෙමළ…

අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය නිලධාරීන් 4,500ක් අනුයුක්ත කර ගැනීමට අනුමැතිය – වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි

අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් වනජීවි අමාත්‍යාංශයට අනුයුක්ත කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී තිබෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි පැවසුවාය. එමෙන්ම මෙරට වන ගහණය මුළු භූමි ප්‍රමාණයෙන් 32%ක් දක්වා…

ග්‍රහලෝකාගාරයේ දර්ශන වාර යළි ඇරඹේ

ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කාර්යයක් සදහා වසා දමා තිබූ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ පාසල් සහ මහජන දර්ශන (13) සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. මේ වසරේ පෙබරවාරි 27වැනිදා සිට මාර්තු 12 වැනිදා දක්වා මෙම නඩත්තු කටයුතු හේතුවෙන් ග්‍රහලෝකාගාරයේ මහජනයා…

ඉන්ධන, බෙහෙත්, පොහොර දැන් රටේ තියෙන්නේ ණය ගෙවන්නේ නැති නිසා – බන්දුල

රට තුළ ඉන්ධන, බෙහෙත්, පොහොර තිබෙන්නේ ණය නොගෙවා සිටීම නිසා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව සියලුම දෙනා අවධානය යොමු කළ යුත්තේ එම කරුණ සම්බන්ධයෙන් බවයි (12) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා සඳහන්…