Month March 2024

“Kaleidoscope 2024 Screen media for Gen-Z” මාධ්‍ය වැඩසටහන ඇරඹේ

තම මතය පමණක් සන්නිවේදනය කරන ඇතැම් මාධ්‍යවල හැසිරීම සමාජය නොමඟ යවනවා. පාසල් දරුවන්ට මාධ්‍ය අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත් – ජනාධිපති ලේකම්. දරුවන්ගේ අධ්‍යාපන දැනුම මෙන්ම මානසික සුවය ද ඉතා වැදගත් වෙනවා – අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්. පාසල් සිසුන්ට විවිධ මාධ්‍ය භාවිතයන්…

රටේ ආර්ථිකය පිළිබඳ නිවැරදි දැක්මකින් තොරව ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා ජනතාව පීඩාවට ලක් වුණා

එම වරද කිරීමට මා සුදානම් නැහැ. අපනයන ආර්ථිකයකට අප කඩිනමින් යොමු විය යුතුයි – ජනපති අවධාරණය කරයි. රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන, බලය ලබා ගැනීම වෙනුවෙන් ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදු වූ බව…

උතුරු සහ වයඹ පළාත් සඳහා නව ප්‍රධාන ලේකම්වරුන් පත් කෙරේ

උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස දීපිකා කේ. ගුණරත්න පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්වීම් සිදුකර තිබෙන අතර ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් (12) පස්වරුවේ…

අභියෝගවලට මුහුණදිය හැකි ප්‍රතිපත්තිගරුක අනාගත පරපුරක් බිහි කළ හැකි අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍යයි – ජනපති

අභියෝග ඉදිරියේ පළා නොගොස්, සෑමවිටම තම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරමින් එය ඉදිරියට ගෙන යාමේ ශක්තිය මෙරට අධ්‍යාපනය තුළින් දරුවන්ට ලබාදිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ කොළඹ වෙස්ලි විද්‍යාලයේ 150 වැනි…

ගෙවතු වගා කිරීමේ ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 232ක මුදලක් වෙන් කර තිබෙනවා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බවත්, මේ වන විට පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ2ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර ඇති බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා පැවසීය.…

විදෙස්ගත වූ ඇතැම් වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයින් යළි සේවයට පැමිණ තිබෙනවා – වෛද්‍ය ජී.විජේසූරිය

වෛද්‍යවරුන් විදෙස්ගතවීමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය පවසනවා. ආර්ථික ගැටලුකාරී තත්ත්වය හා විවිධ අර්බුද හමුවේ විදෙස්ගත වූ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන් යම් පිරිසක්ද සේවයට පැමිණ ඇති බවයි ඔහු සඳහන් කළේ. ඒ අනුව…

අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධවල සහ වංචාවල වර්ධනයක්

අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධවල වර්ධනයක් නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. වසරේ ගත වූ කාලසීමාව තුළ පරිගණක වංචා 423ක් වාර්තා වී ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුකොල සඳහන් කළේ. ඒ අනුව අන්තර්ජාලය…

Serene River Park අද ජනතා අයිතියට

ගාල්ල, හෝලුවාගොඩ ඉදිකළ Serene River Park පාරිසරික උද්‍යානය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ‍ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා. ගාල්ල නගරයට නුදුරු හෝලුවාගොඩ ඉදිකළ Serene River Park පාරිසරික උද්‍යානය, පුරන් වූ කෙත් බිමක් පාරිසරික උද්‍යානයක් බවට පරිවර්තනය කරමින් 2021 වර්ෂයේදී ආරම්භ…

ඩයනාගේ පෙත්සම යළි විභාගයට ගැනේ

සිය පක්ෂ සාමජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය නීත්‍යානුකූල නොවන බවට තීන්දු කර එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබෙනවා. ඒ අනුව…

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට පියවර

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා. මෙරට ජාතික පාසල් සහ පළාත් සභා පාසල් භේදයකින් තොරව එකම පාසල් වර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු සඳහන් කළේ. ඒ පිළිබඳව අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා…