Month March 2024

TikTok තහනම් කිරීම සඳහා වන පනතක් අමෙරිකාව සම්මත කරයි

අමෙරිකාව පුරා TikTok තහනම් කළ හැකි නව පනතක් සම්මත කර ගැනීමට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කටයුතු කර තිබෙනවා. සභාවේ සාමාජිකයින් 435 දෙනාගෙන් 352 දෙනෙකු ඊට පක්ෂව ඡන්දය භාවිත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. කෙසේ වෙතත් එය නීතියක්…

ක්‍රිකට් ක්‍රීඩ​ක ළහිරු තිරිමාන්න අනතුර​කට ලක්වෙයි

ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුර – තිරප්පනේ මාර්ගයේ 117 කණුව ආසන්නයේදී අනතුරකට ලක්ව තිබෙනවා. ඔහු ගමන්ගත් මෝටර් රථය ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ. තුවාල ලැබූ ළහිරු තිරිමාන්න රෝහල්ගත කළ බවයි වැඩිදුරටත්…

දිස්ත්‍රික්ක 7ක වී මිලදී ගැනීමට අයැදුම්පත් නිකුත් කිරීම හා සාම්පල් පරීක්ෂාව අද සිට – වී අලෙවි මණ්ඩලය

දිස්ත්‍රික්ක 7ක වී මිලදී ගැනීම සඳහා අද (14) සිට අයැදුම්පත් නිකුත් කිරීම හා සාම්පල් පරීක්ෂාව ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. ඒ අනුව කුරුණෑගල, අම්පාර, කිලිනොච්චි, මුලතිවු, වව්නියා, මඩකලපුව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල හෙට (15) සිට වී මිලදී ගැනීම ආරම්භ…

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (14) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බවයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සඳහන් කළේ. එසේම ලබන සතියේ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කරන බවද…

IMF නියෝජිතයින් සහ ජාතික ජන බලවේගය අතර අද හමුවක්

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (14) දින හමුවීමට බලාපොරොත්තු වන බව ජාතික ජන බලවේගය පවසනවා. ඒ අනුව අද පෙරවරු 10.00 ට  එහි ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ. ආණ්ඩුව විසින් ජනතාව මත පටවා ඇති ආර්ථික පීඩනය…

ක්ෂය රෝගීන් වාර්තාවීම 14% කින් ඉහළට

මෙරට ක්ෂය රෝගීන් වාර්තාවීම 14% කින් ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසනවා. මේ වන විට පෙනහළුගත ක්ෂය රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිසායා කාදර් සඳහන්…

දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය විවෘත කරන වේලාව අද සිට සංශෝධනය වෙයි

දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් ඉදිරි ආසන වෙන් කිරීම් සඳහා විවෘත කරන වේලාව අද (14) සිට සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් දින 30කට පෙර ආසන වෙන් කිරීම දිනපතා…

වෛද්‍ය තුසිත සුදර්ශන අත්අඩංගුවට

වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශනව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු මෙරටට පැමිණෙන විට කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය…

ලබන වසරේ සිට ක්‍රමානුකූලව වාහන ආනයනයට අවසර ලබාදීමට බලාපොරොත්තු වෙනවා – ජනපති

ලබන වසරේ සිට ක්‍රමානුකූලව වාහන ආනයනය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. යුනයිටඩ් යූත් තරුණ එකමුතුව මගින් “තරුණ අපේ අනාගතය” නමින් සංවිධානය කළ සුහද හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මෝටර් රථ වෙළඳපොලේ පවතින ගැටළු පිළිබඳ තමා…

ආණ්ඩුව පරාටේ නීතිය අත්හිටුවා තිබෙන්නේ ණය පැහැර හරින්නන් කීපදෙනෙකුගේ බලපෑම් නිසා – ශ්‍රී ලංකා බැංකු සංගමය

පාර්ලිමේන්තුව හරහා පවතින නීති සංශෝධනය කරන තුරු, සුදුසු අවස්ථාවලදී බැංකු විසින් පරාටේ ප්‍රතිකර්මය භාවිත කරන බව ශ්‍රී ලංකා බැංකු සංගමය පවසනවා. සමස්ත ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය නොකරන ණය පැහැර හරින්නන් කිහිප දෙනෙකුගේ බලපෑම්වලට ප්‍රතිචාරයක් ලෙස පරාටේ නීතිය හරහා ණය අයකර ගැනීම…