Month March 2024

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 63%කගේ දත් දිරලා

මෙරට වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් සියයට 63ක් දත් දිරා යෑමට ලක්ව ඇති බව ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇත. ලෝකයේ සුලභම රෝගය බවට හඳුනාගෙන ඇත්තේ දත් දිරා යෑමේ රෝගය බවත් මේ වන විට එම රෝගය හේතුවෙන් ලෝක…

දැඩි උණුසුම නිවමින් ප්‍රදේශ රැසකට වැසි

පවතින දැඩි උණුසුම්කාරී වතාවරණය තරමක් සමනය කරමින් දිවයින පුරා බොහෝ ප්‍රදේශ රැසකට (21) දිනයේ වැසි ලැබිණි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් පැවසුවේ ඉදිරියේදී උණුසුම්කරී තත්ත්වය තවදුරටත් අවම වී වැසි තත්ත්වය පැවැතිය හැකි බවයි. ඒ අනුව උතුරු, නැඟෙනහිර, උතුරු මැද,…

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුණා. ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 75 ක් හා විපක්ෂව ඡන්ද 117 ක් හිමි වූ බවයි නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

ලෝක කවි දිනය වෙනුවෙන් හෙළකුරු සිතළු වෙතින් කාව්‍ය නිර්මාණ ඇතුළත් e-සඟරාවක්

මාර්තු 21 වැනිදාට යෙදෙන ලෝක කවි දිනය නිමිත්තෙන් හෙළකුරු මඟින් බලගැන්වෙන නිර්මාණාත්මක හෙළ සමාජ ජාලය වන “සිතළු” වෙතින් එහි රචකයන්⁣⁣ගේ කාව්‍ය නිර්මාණ ඇතුළත් ඊ-සඟරාවක් නිකුත් කර තිබෙනවා. රචකයින් 50 දෙනෙකු විවිධාකාර මාතෘකා යටතේ නිර්මාණය කළ කාව්‍ය නිර්මාණ 50 ක් ඇතුළත්…

නිල ණය හිමියන් සමඟ ගිවිසුම් අවසන් කිරීම සහ ප්‍රධාන බාහිර පුද්ගලික ණය හිමියන් සමඟ ගිවිසුමට එළඹීම මීළඟ පියවර විය යුතුයි – IMF

ආර්ථිකය කල්පවත්නා ප්‍රකෘතියක් සහ ස්ථාවර සහ ඇතුළත් ආර්ථික වර්ධනයක් කරා යන මාවතකට ගෙන ඒම සඳහා ප්‍රතිසංස්කරණ සිදුකිරීම පවත්වාගෙන යාම වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් අඩු වී ඇති බවත් සාර්ව ආර්ථික ස්ථායීතාවයට සහාය වීම සඳහා…

IMF දෙවැනි සමාලෝචනය ගැන කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණෙයි

ශ්‍රී ලංකාවට අනුමත කළ විස්තීර්ණ ණය පහසුකමේ වැඩසටහන හා සම්බන්ධ දෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරනවා. ඒ අනුව මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලනාධිකාරිය සහ විධායක මණ්ඩලය මගින් ඉදිරියේදී…

බදු පනත් දෙකක් බලාත්මක කෙරේ

පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 02ක් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් තබා තිබෙනවා. සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා කථානායකවරයා මෙලෙස (20) සිය සහතිකය සටහන් කර ඇති…

ජනතාව එක පැත්තක තියලා හොරු ටික අනික් පැත්තේ තියලා මේ අරගලය ජයග්‍රහණය කරනවා – සුනිල් හඳුන්නෙත්ති

රටේ ඉතිහාසය වෙනස් කිරීම සඳහා ඇත්තේ තවත් සති අන්ත 15 ක් පමණක් බව ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති පවසනවා. මේ රට විනාශ කිරීමට කටයුතු කළ, අදටත් විනාශ කිරීම සඳහා කටයුතු කරන හොරු, ජඩ වැඩ සියල්ල සිදුකරන බවයි ජන හමුවක් අමතමින්…

බොහෝදුරට පොහොට්ටුවෙන් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරාවි – ප්‍රසන්න රණවීර

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බොහෝදුරට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසනවා. ඒ අනුව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පරාටේ නීතිය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

බැංකු මගින් ප්‍රදානය කරන ණය අය කර ගැනීමේ පනත හෙවත් පරාටේ නීතිය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ණය ගැනුම්කරුවන්ගේ දේපළ වෙන්දේසි කිරීම සඳහා බැංකුවලට බලය හිමිවන පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීමට පසුගියදා…