Month March 2024

ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති ලබා දුන් කාලය අදින් අවසන් වෙයි

ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති ලබා දුන් කාලය (27) අවසන් වුවද සිය ගැටලුව සඳහා මේ දක්වාත් විසඳුම් ලැබී නොමැති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව සිය ඉල්ලීම් දිනාගැනීම සඳහා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම…

මංකොල්ලයකට ආ පුද්ගලයෙක් පොලිස් වෙඩි පහරින් මරුට

නාරම්මල ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මුදල් මංකොල්ලයක් සඳහා පැමිණි පුද්ගලයින් තිදෙනෙකුගෙන් අයෙකු මෙලෙස වෙඩි වැදීමෙන් මිය ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මංකොල්ලකරුවන් පිරිස ඇපල් වර්ගයේ ජංගම දුරකථන අලෙවි කරන බවට පුවත්පත් දැන්වීම් පළ කර…

මැතිවරණ කල්දමන බවට විපක්ෂය නඟන චෝදනා සාවද්‍යයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කල්දමන බවට විපක්ෂය නඟන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ නියමිත පරිදි නිසි වේලාවට පවත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන …

දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනපති අතින් ජනතා අයිතියට

අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකියි. අනාගතයට ගැළපෙන පරිදි අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. දශක තුනහමාරකට අධික කාලයක් අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා…

වසා දමා ඇති ජාතික කලා භවන මේ වසර අවසන් වීමට පෙර විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ජනපති උපදෙස් දෙයි

වසර දහතුනක් තිස්සේ නිම කරලීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට (26) එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වසර අවසානයට පෙර ජාතික කලා භවන විවෘත කිරීම සඳහා පියවර…

ප්‍රජාතන්ත්‍රවාදය මුළුමණින්ම ආරක්ෂා කළ ආසියාවේ එකම රට ශ්‍රී ලංකාවයි – ශ්‍රී ලංකාවේ පළමු ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාව අමතමින් ජනපති පවසයි

ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂයේ ක්‍රියාකාරීත්වයට කිසිදු බලපෑමක් සිදු නොවන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය මුළුමණින්ම ආරක්ෂා කරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. එසේම සියළු දෙනාගේම අදහස් සඳහා අවස්ථාව හිමි වන ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කමද…

පොලොන්නරු දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු ඇර‍ඹේ

2024 ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන යටතේ පොලොන්නරු දිස්ත්‍රික් මාර්ග සංවර්ධන කටයුතු මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ගේ ආරාධනයෙන්, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි. ජනාධිපතිරයා විසින් මුදල් ඇමැති වශයෙන් ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි…

IPL Match Summary: Chennai Super Kings කණ්ඩායමට විශිෂ්ට ජයක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයෙන් Gujarat Titans කණ්ඩායම පරදා ලකුණු 63 ක ජයක් වාර්තා කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් Gujarat Titans කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් Chennai Super Kings කණ්ඩායම…

පාස්කු ඉරිදා දේවස්ථානවල ආරක්ෂාවට විශේෂ වැඩපිලිවෙලක්

මහ සිකුරාදා (29) සහ (31) දිනට යෙදෙන පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පුළුල් ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා. සියලුම කිතුණු දේවස්ථානවලට පැමිණෙන බැතිමතුන් සහ ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරිමේ විශේෂ වැඩපිළිවෙලක්ද ඇතුළුව…

අද ප්‍රදේශ කිහිපයකට තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අද දිනයේ (27) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි…