ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක ධූරයෙන් දුමින්ද දිසානායක ඉවත් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් දුමින්ද දිසානායක ඉවත් කර එම ධුරය සඳහා පක්ෂයේ මහියංගනය ආසන සංවිධායක කේ.පී. ගුණවර්ධන පත් කර තිබෙනවා.

එමෙන්ම එම පක්ෂයේ භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න ඉවත් කර ඒ සඳහා හෙක්ටර් බෙත්මගේ පත් කර ඇති අතර ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයෙන් මහින්ද අමරවීර ඉවත් කර ඒ සඳහා සරත් ඒකනායක පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් (30) පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබූ අතර එහිදී එම පක්ෂයේ විධායක සභාව විසින් මෙම තීරණ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.