ලොකේෂන් කුඩු මල්ලි පොලිස් අත්අඩංගුවට

“ලොකේෂන් කුඩු මල්ලී” නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බඩල්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, හේන්පිටගෙදර, ගල්කන්ද, දූනගහ, කටුවැල්ලේගම, අලුතෑපොල යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු කලක පටන් තමා විසින් සිදුකරගෙන ගිය බව පොලිසිය විසින් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු ප්‍රකාශ කර සිටි අතර සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,120ක් සොයාගැනීමටද බඩල්ගම පොලීසියට හැකිවී තිබෙනවා.

එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සතියක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම සඳහා බඩල්ගම පොලීසියට අධිකරණයෙන් අවසර ලබා දී තිබෙනවා.