චීන සංචාරය නිම කරමින් අගමැති දිවයිනට

චීන නිල සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දිවයිනට පැමිණ තිබේ.

අග්‍රාමාත්‍යවරයා සහ දුත පිරිස චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් යානයකින් (30) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

චීනයේ පස් දින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරයා සිය සංචාරයේ දී චීන ජනාධිපතිවරයා සමග මෙන්ම එරට අග්‍රාමාත්‍යවරයා සහ චීන රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීය.

සංචාරය අතරතුර චීනය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබුණු අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ද චීන බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට කටයුතු කර තිබුණි.