උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

(31) දිනයේ ප්‍රදේශ කිහිපයක කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිදුකර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරු-මැද, උතුරු, දකුණු පළාත්වල සහ රත්නපුර, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් අධිකව හිරු එළිය වැටෙන දහවල් කාලයේ හැකිතාක් සෙවනට වී සිටින ලෙසත් ජලය පානය කරන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්.

news images
news images