SL vs BAN 2nd Test : ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 531ක් රැස් කරයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසාන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

ඒ අනුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 531 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 93 ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 92 ක්, දිමුත් කරුණාරත්න ලකුණ 86 ක්, ධනංජය ද සිල්වා ලකුණු 70 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 59 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Shakib Al Hasan කඩුලු 3 ක් හා Hasan Mahmud කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්.

news images
news images