සන්ධාන ගහන්න ඕන ජන බලයක් තියෙන මිනිහෙක් එක්ක – එස්.එම්. මරික්කාර්

එළඹෙන ජනාධිපතිවරණ තරගයේදී තරගයේ ජයග්‍රාහකයා වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.

මේ වන විට විවිධ පාර්ශව සමඟ සාකච්ඡා කරමින් ඇති බවත් චෝදනාවලට ලක් නොවූ පිරිස් සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ඉදිරි සතියේදී එය දැක ගැනීමට හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

වත්මන් ජනාධිපතිවරයා සමඟ සන්ධානගතවීමට සාකච්ඡා පවත්වන්නේදැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර එයට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා සඳහන් කළේ, සන්ධාන ගතවිය යුත්තේ ජන බලයක් ඇති පුද්ගලයෙක් සමඟ බවයි.