ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි ඉහළ යාමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඊයේ ඩොලර් 87ක් ලෙස ඉහළ අගයකින් පැවතුණු අතර ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් ඩොලර් 83.17 ලෙස දැක්වී තිබුණා.

මෙසේ ලෝක බොරතෙල් මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව වී ඇත්තේ රුසියාව විසින් යුක්රේනයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.