පාස්කු ඉරිදා දිනය අදයි

කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන පාස්කු ඉරිදා දිනය අදට (31) යෙදී තිබෙනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍ය සංහතිය පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුසිය මත සිය ජීවිතය පූජා කර දින 3 කට පසු මරණයෙන් උත්ථානය වීම පාස්කු ඉරුදින මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලබනවා.

මේ අතර අද පාස්කු ඉරුදින දේව මෙහෙයන් පවත්වනු ලබන කිතුණු දේවස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙනවා.

මීට වසර 5 කට පෙර පාස්කු ඉරුදින දේව මෙහෙයට සහභාගී වූවන් ඉලක්ක කරගනිමින් දේවස්ථාන තුළ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයක් සිදු වූයේ 2019 වර්ෂයේ පාස්කු ඉරුදිනයි.