අලුත් අවුරුද්දේ කේක් අලෙවිය පහළට

මිල ඉහළ යාම හමුවේ ජනතාව කේක් වර්ග මිලදී ගැනීම පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව මේ වන විට කේක් වෙළදාම 50%ක්වත් නොමැති බවයි එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන සඳහන් කළේ.

අමුද්‍රව්‍ය මිල ගණන් ඉහල යාම හමුවේ මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේදී කේක් මිල පහළ නොයනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.