අප්‍රේල් මාසයේදී බිත්තරයක් රුපියල් 35ට අඩුවෙන් ලබාදීමට හැකිවේවි – කෘෂිකර්ම ඇමති

අප්‍රේල් මාසය තුළදී දේශීය බිත්තරයක් රුපියල් 35ට වඩා අඩු මිලකට ගෙන ඒමට හැකිවනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා

දෛනික දේශීය කුකුළු බිත්තර නිෂ්පාදනය සමස්ත දෛනික අවශ්‍යතාව ඉක්මවා ගොස් තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අවුරුදු මාසයේ දී බිත්තරයක මිල රුපියල් 100 ක් ඉක්මවන බවට ඇතැම් පිරිස් ප්‍රචාර ගෙන ගියද රුපියල් 35කට අඩු මිලකට බිත්තර ලබාදිය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.