වින්ඩිට ජාත්‍යන්තර සම්මානයක් 

දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර ඉකුත් පසුගියදා පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ටතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year – 2023) හිමි සම්මානය දිනා ගැනීමට වින්ඩි ගුණතිලක සමත් වී තිබෙනවා.

ඒ ඇය විසින් ගායනා කරන ලද ”අයියෝ සාමි” ගීතය සඳහායි.