තරුණියක් මහවැලි පාලමෙන් ගඟට පනියි

මහියංගණය – මහනුවර මාර්ගයේ මහවැලි ගඟ හරහා ඇති වේරගංතොට මහවැලි පාලමෙන් තරුණියක් (29) රාත්‍රියේ පැන තිබේ.

එහි දී වහාම ක්‍රියාත්මක වූ එම ස්ථානයේ සිටි තරුණයන් පිරිසක් ඇයව බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

රාත්‍රී 7.00ට පමණ තරුණියක් පාලමේ කොන්ක්‍රීට් වැට උඩ නැඟ මහවැලි ගඟට පැනීමට සූදානම්වන ආකාරය දැක ඇයව අල්ලාගැනීමට තරුණයින් පිරිසක් ඈ වෙත දිවයද්දී එකවර ඇය පාලමෙන් පැන ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත්, එලෙස පැන්න තරුණිය වැටී ඇත්තේ පාලම යට පිහිටි ගොඩබිම් ප්‍රදේශයකට බව වාර්තාවේ.

මෙම තරුණිය පැමිණි පාපැදිය සහ ඇයගේ ජංගම දුරකථන පාලම මත තිබිය දී මහියංගනය පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අනතුරුව පොලීසිය එලෙස සොයාගත් ජංගම දුරකථනයෙන් ඇයගේ දෙමව්පියන්ට ඇමතුමක් දී සිදු වූ සිද්ධිය පිළිබඳව දැනුම්දී ඇත. මෙලෙස පාලම මතින් පැන ඇත්තේ මිණිපේ 31 ඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි.

කෙසේවෙතත්, රෝහල වෙත ඇතුළත් කළ එම තරුණියගේ එක් අතකට හානි සිදුවී තිබේ.